මහින්ද රාජපක්ෂගේ යටතේ පොදු පෙරමුණක් ලෙස කටයුතු කිරීමට ඒකාබද්ධය එකඟ වෙයි

by Staff writer 11-07-2018 | 9:03 AM
COLOMBO (News 1st) - ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ඊයේ රාත්‍රියේ පැවැත්විණි. මෙම රැස්වීමට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පක්ෂ කිහිපයක නියෝජිතයෝ එක්ව සිටියහ. එම හමුවෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ, ඒකාබද්ධ පොදු ජන පෙරමුණ නමින් සන්ධානගත වීමට සියලු දෙනා ඒකමතිකව එකඟ වූ බව ය.