මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 19කට මරණ දඬුවම

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 19කට මරණ දඬුවම නියම කිරීමට කැබිනට් අනුමැතිය

by Staff writer 11-07-2018 | 12:18 PM
COLOMBO (News 1st) - මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දණ්ඩනය නියම වූවන්ට එම දඬුවම ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම් දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ, මේ වන විට මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් 19 දෙනෙකුට අධිකරණයෙන් මරණ දඬුවම නියම කර ඇති බව ය. මේ අතර මත්ද්‍රව්‍ය මැඩලීම සඳහා ත්‍රිවිධ හමුදාවල සක්‍රීය දායකත්වය ලබා ගැනීමට ද ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය සාකච්ඡා කර තිබේ.