මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය - ජනපති අත්සන යොදන්න ත් සූදානම්

by Staff writer 11-07-2018 | 7:42 PM

COLOMBO (News 1st) - මරණ දඬුවම නියමවී සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලයින්ට මරණ දඬුවම ලබාදීම සඳහා තමන් අත්සන් තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මක ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ මතට එරෙහිව පාසලෙන් ජවයක්, වැඩසටහනේ සමාරම්භක උත්සවය අද මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත් විය. මෙම වැඩසටහනට සමගාමීව පාසල් තුළ මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළව නව චක්‍රලේඛයක් විදුහල්පතිවරුන්ට නිකුත් කර ඇත. ඒ යටතේ සෑම පාසලකම මේ වසර අවසන්වීමට පෙර මත්ද්‍රව්‍ය නිවාරණ කමිටුවක් පිහිටුවීම අනිවාර්ය වේ. මීට අමතරව මඩකලපුව, වාකරේ ප්‍රදේශයේ ලී මොලක තිබී අද ත් හෙරොයින් කිලෝග්‍රෑම් 9.9 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබිණි. මෙම හෙරායින් තොගයේ වටිනාකම රුපියල් කෝටි 14 ඉක්මවනු ඇති. තව ද ටෙනිස් බෝලයක බහා වැලිකඩ බන්ධනාගාරයට හොරොයින් ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 150 ක් යැවීමට තැත්කළ කාන්තාවකට කොළඹ මහාධිකරණය අද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේ ය. මෙම දඬුවම් නියම වූයේ, බොරැල්ල සීවලී පටුමග ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි කාන්තාවකටයි.