ශ්‍රීලංකන් සමාගමට රාජ්‍ය බැංකුවලින් බිලියන ගණනක ණය

භාණ්ඩාගාරය ඇපවී ශ්‍රීලංකන් සමාගමට රාජ්‍ය බැංකුවලින් තව ත් බිලියන ගණනක ණය පහසුකම්

by Staff writer 11-07-2018 | 8:22 PM

COLOMBO (News 1st) - ශ්‍රීලංකන් ගුවන් සමාගමේ බිලියන 13.5ක ණය උගුලෙන් බේරීම සඳහා රාජ්‍ය බැංකු දෙකකින් ණයක් ලබා ගැනීමට තීරණය කර තිබේ.

ඩේලි මිරර් පුවත්පත අද වාර්තා කළේ, අදාළ ණය මුදල ලබා ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසාය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි. පුවපත් වාර්තාවට අනුව රාජ්‍ය බැංකු අදාළ ණය මුදල මුදා හැරීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කරමින් සිටි. ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීම විධිමත් කිරීම හෝ සමාගම සංවර්ධනය කිරීම සඳහා සුදුසු ආයෝජකයෙකු ‍සොයාගත යුතු බව අමාත්‍ය මණ්ඩල සංදේශ අධ්‍යයන කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කර ඇති බව ද එම වාර්තාවේ සඳහන් විය. මේ වන විටත් ගුවන් සමාගම රුපියල් බිලියන 13 කට අධික ණය මුදලක් ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතව තිබේ. පසුගිය දා පැවති සාකච්ඡාවල දී ගුවන් සමාගම එකඟවී තිබුණේ මේ සතිය තුළ රුපියල් මිලියන 800 ක් ලබාදී ඉතිරි මුදල පෞද්ගලික බැංකුවකින් ලබාගන්නා ණය මුදලකින් ගෙවා දමන බවටයි.