ගෝඨාභයගේ ආගමනයෙන් ඒකාබද්ධය දෙකඩ වෙයි ද?

ගෝඨාභයගේ ආගමනයෙන් ඒකාබද්ධය දෙකඩ වෙයි ද?

by Staff writer 11-07-2018 | 8:12 PM

COLOMBO (News 1st) - ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය මත දෙකක් ඉදිරිපත් කරමින් සිටි.

මේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම බෙදී වෙන්වීමේ ආරම්භයක් ද? ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක හමුවක් ඊයේ රාත්‍රියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී පැවැත් විණි. විදේශගත වී සිටින බැවින් මෙම රැස්වීමට උදය ගම්මන්පිල මහතා සහභාගි වූයේ නැත. ඒකාබද්ධ පොදුජන පෙරමුණ ලෙස සන්ධානගතව ඉදිරි දේශපාලන කටයුතු ක්‍රියාත්මක කිරීමට මෙහිදී එකඟතාවය පළ විය.