තේ සඳහා ස්ථාවර සෙස් බද්දක්

තේ සඳහා ස්ථාවර සෙස් බද්දක්

by Staff writer 11-07-2018 | 4:37 PM

COLOMBO (News 1st) - අපනයනය කරන තේ සඳහා කිලෝග්‍රෑම් එකක් මත රුපියල් 10 ක ස්ථාවර සෙස් බද්දක් පැනවීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

තේ අපනයනකරුවන්ට සිදුව ඇති විවිධ අපහසුතා මග හැරවීම මෙහි අරමුණයි. අමාත්‍ය නවීන් දිසානායක මහතා ගෙන ආ යෝජනාවකට අනුව මෙම සෙස් බද්ද පැන වූ බව සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ ය.