පොලිස් සැරයන් ඝාතනය කළ චීවරධාරියා කොටුවෙයි

by Staff writer 10-07-2018 | 5:59 PM

COLOMBO (News 1st) - රත්නපුර, ගල්ලැන්ද ප්‍රදේශයේදී චීවරධාරියෙකු විසින් පොලිස් සැරයන් වරයෙකුගේ ගෙල සිරකර ඝාතනය කරනු ලැබ තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අදාළ චීවරධාරියාට එරෙහිව අධිකරයෙන් වරෙන්තුවක් නිකුත් කළ බවයි. ඒ අනුව එම චීවරධාරියා සොයා සැරයන්වරයා විහාරස්ථානය වෙත ගොස් ඇත. එහිදී වූ සිදුවීමෙන් පසු පොලිස් සැරයන්වරයා රෝහල වෙත රැගෙන යමින් සිටියදී ඔහු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. මියගොස් ඇත්තේ, ගොඩකවෙල පල්ලෙබැද්ද ප්‍රදේශයේ පදිංචි 55 හැවිරිදි නිලධාරියෙකි. එම සිද්ධියෙන් පසු අදාළ චීවරධාරියාව අත්අඩංගුවට ගැනීමට යාමේදී චීවරධාරියා අත්බෝම්බයක් එල්ල කිරීමට උත්සාහ කළ බව පොලීසිය ප්‍රකාශ කළේ ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, එය ව්‍යාර්ත කර අදාළ චීවරධාරියාව අත්අඩංගුවට ගත් බවයි.