තායිලන්තයේ ලෙනක සිර වූ කණ්ඩායම බේරා ගැනේ

තායිලන්තයේ ලෙනක සිර වූ කණ්ඩායම බේරා ගැනේ

by Staff writer 10-07-2018 | 5:43 PM

දින 17 ක් තායිලන්තයේ ලෙනක සිරව සිටි දරුවන් සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු ඇතුලු 13 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම නිරුපද්‍රිතව මුදාගැනීමට තායිලන්ත ආරක්ෂක අංශ සමත් විය. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මුදාගත් සියලුදෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි.

කොටස් වශයෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වූ අතර අද 5 දෙනෙකු බේරා ගැනීමට නියමිතව තිබුණි. දින තුනක උත්සාහයකින් පසු එම 5 දෙනා ද නිරුපද්‍රිතව බේරා ගැනීමට සහන කණ්ඩායම්වලට හැකි විය. මෙම මෙහෙයුමට තායිලන්ත, අමෙරිකානු බ්‍රිතාන්‍ය, ඔස්ට්‍රේලියානු හා චීන කිමිදුම්කරුවන් 90 දෙනෙකු මීට සහභාගි විය. මෙහිදී තායිලන්ත නාවික හමුදා කිමිදුම්කරුවෙකු වන සමන් ගුනාම් මරණයට පත් වූයේ ස්වසනය සඳහා ප්‍රමාණවත් ඔක්සිජන් හඟවීම හේතුවෙනි.