තවත් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් දිවුරුම් දෙති

තවත් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙති

by Staff writer 10-07-2018 | 1:57 PM
COLOMBO (News 1st) - තවත් රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙක් අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබූහ. නගර සැලසුම් හා ජල සම්පාදන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ ලකී ජයවර්ධන මහතා යි. ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජේ.සී. අලවතුවල මහතා දිවුරුම් දෙනු ලැබුවේ ය. ලකී ජයවර්ධන මහතා මීට පෙර කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර ජේ.සී. අලවතුවල මහතා ස්වදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළේ ය.