ජස්ටින් බීබර් බෝල්ඩ්වින් හා විවාහ ගිවිසගනී

ජස්ටින් බීබර් බෝල්ඩ්වින් හා විවාහ ගිවිසගනී

by Sagarika Chathumali 10-07-2018 | 8:55 AM
කැනේඩියානු පොප් ගායක ජස්ටින් බීබර් අමෙරිකානු නිරූපණ ශිල්පිනියක සමග විවාහ ගිවිස ගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, 24 වියැති පොප් ගායකයා අමෙරිකානු නිරූපිකා හේලි බෝල්ඩ්වින් සමග විවාහ ගිවිස ගෙන ඇති බවයි. විවාහ ගිවිස ගැනීම පිළිබඳ පුවත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසු නිහඬතාව බිඳ හෙළමින් බීබර්  විවාහ ගිවිස ගැනීම නිවේදනය කරන්නේ,  ඡායාරූපයක්  ද පළ කරමිනි. බෙහාමස් නිවාඩු නිකේතනයේදී විවාහ ගිවිස ගැනීම සිදුව ඇති අතර අදාළ ස්ථානයට ජංගම දුරකතන රැගෙන ඒමෙන් වළකින ලෙස බීබර්ගේ ආරක්ෂකයින්ගෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ. ජස්ටින් බීබර්ගේ පියා සහ මව සාමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ පුතණුවන්ගේ ජීවිතයේ වෙනස සම්බන්ධයෙන් සතුට පළ කර තිබේ. බීබර් සහ බොල්ඩ්වින් අතර මීට කලකට පෙර ප්‍රේම සම්බන්ධයක් පැවත ඇති අතර ඔවුන් දෙදෙනාගේ ප්‍රේමය යළි දළු ලා වැඩෙන්නේ බීබර්ගේ දිගු කාලීන පෙම්වතිය වූ සෙලීනා ගෝමස්ගෙන් වෙන්වීමෙන් පසුව ය. බීබර්ගේ අත ගත් බොල්ඩ්වින් American Vogue, Marie Claire සහ Spanish Harper's Bazaar යන සඟරා කිහිපයකම පෙනී සිට ඇති නිරූපිකාවක වන අතර මියුසික් විඩියෝ මෙන් ම රූපවාහිනී වැඩසටහන් සඳහා ද සහභාගී වි ඇත. බොල්ඩ්වින්, නළුවෙකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වන ස්ටෙෆ්න් බෝල්ඩ්වින්ගේ දියණියයි.