කුසුම්දාස මහනාම හා පියදාස දිසානායක යළිත් රිමාන්ඩ්

කුසුම්දාස මහනාම හා පියදාස දිසානායක තවදුරටත් රිමාන්ඩ්

by Staff writer 10-07-2018 | 5:07 PM

COLOMBO (News 1st) - ඉන්දියානු ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාව යටතේ පවරා ඇති නඩුවේ සැකකරුවන් වන ජනා‍ධිපති කාර්ය මණ්ඩල හිටපු ප්‍රධානි ආචාර්ය කුසුම්දාස මහනාම හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක ලබන 13 දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රත් රංග දිසානායක මහතා අද නියෝග කර තිබේ.

එම සැකකරුවන් අයහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින් ඔවුන් වෙනුවෙන් ඇප ඉල්ලීමක් කිරීමට අපේක්ෂ කරන බව පෙන්වා දෙමින් විත්තියේ නීතිඥවරුන් කළ කරුණු දැන්වීම සලකා බැලු ප්‍රධාන මහේස්ත්‍රතාත්වරයා එම නඩුව යළි ලබන 13 කැඳවීමට නියෝග කළේ ය. ප්‍රධාන මහේස්ත්‍රත්වරයා එහිදී පෙන්වා දුන්නේ, තම අධිකරණය විසින් එම සැකකරුවන් දෙදෙනා නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට තීරණය කර ඇති බැවින් එවැනි ඇප ඉල්ලීමක් සිදු කළ යුත්තේ ඉහළ අධිකරණයේ බවයි.