ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළට

by Staff writer 10-07-2018 | 6:37 PM

COLOMBO (News 1st) - ඉන්ධන මිල අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට රජය තීරණය කර තිබේ.

සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ, ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8.00 කින් හා ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 7.00 කින් ඉහළ දැමීමට රජය තීරණය කර ඇති බවයි. ඩීසල් ලීටරයක මිල රුපියල් 9.00 කින් ද සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10.00 කින් ද අද මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමෙනු ඇති. අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ, සෑම මාසයකම ඉන්ධන මිල සංශෝධනය කිරීමට පියවර ගන්නා බවයි. එය සෑම මාසයකම 10 වන දා සිදු කෙරෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය. මෙම තීරණවලට එළඹ ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග අද පස්වරුවේ ජනාධිපති කාර්යා‍ලයේ පැවති විශේෂ සාකච්ඡාවකදීයි.