මාධ්‍ය ගැන කතා කරන ජනපති

මාධ්‍ය ගන්න ඇතැම් උත්සාහයන් බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරනවා - ජනපති

by Staff writer 09-07-2018 | 8:55 PM

COLOMBO (News 1st) - පොළොන්නරුව, වැලිකන්ද නගරයේ ඉදිකළ නව ගොවිජන සේවා මධ්‍යස්ථානය අද විවෘත කෙරිණි.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතිනි. මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඇතුලු මැති ඇමතිවරුන් පිරිසක් එක් ව සිටියහ. ගොවීන්ට වගාහානි සඳහා වන්දි මුදල් හා ගොවි උපකරණ මෙහිදී ප්‍රධානය කෙරුනේ ජනපති අතිනි. පොළොන්නරුව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් සැකසු ගොවිජන සේවා සැලැස්ම ද මෙහිදී ජනාධිපතිතුමන් වෙත පිරි නැමුණි. ජනපති මෛත්‍රීපාල සිරිසේන,
රුපියල් කෝටි දහස් ගාණක් දීලා තිබෙනවා. නියඟයෙන් පීඩා විඳි ජනතාවට රටේ. කෘෂිකර්ම ඇමතිතුමා කිව්වා වගේ කිසිම ආණ්ඩුවක් එහෙම දීලා නැහැ. නියඟය වෙනුවෙන් අපදාව වෙනුවෙන්. තමුන්නාසේලා හවසට රූපවාහිනිය බලපුවහම නම් ඒවා මොකක්වත් නැහැ. ආණ්ඩුව කරන දේකුත් නැහැ. ආණ්ඩුව කරපු දේකුත් නැහැ. රූපවාහිනයේ හවසට තියෙන්නේ. ඔක්කොම ආරවුල් ගැටුම් බැනගන්න ඒවා. රටක් නැහැ කියලා තමයි පෙන්වන්නේ. අපි මේ මාසේ 23 වැනිදා ආරම්භ කරන කලුගග ජලාශයට ජලය එක්කිරීම 23 අපි සුබ මොහොතින් සුබ නැකතකින් අපි පටන් ගන්නවා. මම පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙච්ච වෙලාවේ. මට මගේ පැත්තට හිටියේ සිරස ආයතනය විතරයි. වෙන එකක්වත් මගේ ජනාධිපති ජන්දයේ හිටියේ නැහැ. නමුත් රටේ මහජනයා ඒ රූපවාහිනිවල පෙන්නපු ඒ විකාර තිත්ත කුනුහර්ප චරිත ඝාතන ඒවා එකක්වත් සැලකුවේ නැහැ. ඒක නිසා ඒ මාධ්‍ය ඇතැම් වේලාවට ගන්න ඇතැම් උත්සහයන් බුද්ධිමත් ජනතාව ප්‍රතික්ෂේප කරනවා