මහ වැස්සෙන් ජපානයේ 100කට වැඩි පිරිසක් මරුට

මහ වැස්සෙන් ජපානයේ 100කට වැඩි පිරිසක් මරුට

by Staff writer 09-07-2018 | 1:43 PM
අධික වැසි සමග ජපානයට බලපෑ ගංවතුර හා නායයෑම්වලින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 100 ක් දක්වා ඉහළ ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තවත් පුද්ගලයන් විශාල පිරිසක් අතුරුදන්ව ඇති බවයි. හිරෝෂිමා නගරයට ගංවතුරෙන් වැඩි ම හානි සිදුව තිබේ. මිලියන 2 ක පමණ ජනතාවකට නිවාසවලින් ඉවත්ව ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස නියෝග කර ඇතැයි ජපාන බලධාරීහු පවසති.