බාගෙට බාගයක් සිකුරාදට පාර්ලිමේන්තුවේ නැත්තේ ඇයි?

මන්ත්‍රීවරුන් සිකුරාදට පාර්ලිමේන්තු යන්නේ නැත්තේ ඇයි?

by Staff writer 09-07-2018 | 6:58 PM
COLOMBO (News 1st) - මහ මැතිවරණයකට පෙර අපේක්ෂකයන්ගේ හැසිරීම කෙබඳු ද? ඔවුන් මහ තරගයක නිරත වන්නේ පාර්ලිමේන්තු යාමටයි. මහජන ඡන්දයෙන් පත් වූ පසු, ඔවුන්ගේපාර්ලිමේන්තු යාමේ උනන්දුව කෙසේ ද? මේ ඉකුත් තෙමස තුළ මන්ත්‍රීවරුන් සභාවට පැමිණීමේ ප්‍රවණතාව පිළිබඳ කළ විමසා බැලීමකි.
  • සභාවට නොපැමිණීම- ආසන්න අගය ප්‍රතිශතයක් ලෙස

2018.06.22 නොපැමිණීම 45%

2018.06.21 නොපැමිණීම 35%

2018.06.20 නොපැමිණීම 25%

2018.06.19 නොපැමිණීම 30%

2018.06.08 නොපැමිණීම 50%

2018.06.07 නොපැමිණීම 35%

2018.06.06 නොපැමිණීම 40%

2018.05.25 නොපැමිණීම 60%

2018.05.24 නොපැමිණීම 50%

2018.05.23 නොපැමිණීම 35%

2018.05.22 නොපැමිණීම 30%

2018.05.11 නොපැමිණීම 60%

2018.05.10 නොපැමිණීම 45%

2018.05.09 නොපැමිණීම 15%

2018.05.08 නොපැමිණීම 15%

2018.04.06 නොපැමිණීම 50%

2018.04.05 නොපැමිණීම 50%

2018.04.04 නොපැමිණීම 04%

2018.04.03 නොපැමිණීම 30%

මෙය හොඳින් නිරීක්ෂණය කළ විට පෙනී යන්නේ සිකුරාදා දිනවල 50%ක තරම්වත් මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තු පැමිණ නොමැති බව ය.
  • සිකුරාදා නොපැමිණීම- ආසන්න අගය ප්‍රතිශතයක් ලෙස

2018.06.22 සිකුරාදා නොපැමිණීම 45%

2018.06.08 සිකුරාදා නොපැමිණීම 50%

2018.05.25 සිකුරාදා නොපැමිණීම 60%

2018.05.11 සිකුරාදා නොපැමිණීම 60%

2018.04.06 සිකුරාදා නොපැමිණීම 50%

ඇතැම් බ්‍රහස්පතින්දා දිනවල ද පවතීන්නේද ඊට සමාන තත්ත්වයකි.
  • බ්‍රහස්පතින්දා නොපැමිණීම- ආසන්න අගය ප්‍රතිශතයක් ලෙස

2018.05.24 බ්‍රහස්පතින්දා නොපැමිණීම 50%

2018.05.10 බ්‍රහස්පතින්දා නොපැමිණීම 45%

2018.04.05 බ්‍රහස්පතින්දා නොපැමිණීම 50%

සභාව පැවැත්වෙන අවස්ථාවල දී වුව ද සභිකයන්ගෙන් ඇතැමෙකු බාහිර ස්ථානවල නිතර දක්නට හැකියි. ඒ අතුරින් ආංශික කාරක සභාවලට පැමිණීම ඇත්තේ ඉතා දුර්වල මට්ටමකයි.
  • පැමිණීම - ආසන්න අගය ප්‍රතිශතයක් ලෙස
අභ්‍යන්තර පරිපාලනය හා රාජ්‍ය කළමනාකරණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව 2018.07.03 පැමිණීම 20% මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව 2018.07.03 පැමිණීම 24% තරුණ, ක්‍රීඩා, කලා සහ උරුමයන් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව 2018.06.21 පැමිණීම 32% ආර්ථික සංවර්ධන පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව 2018.06.19 පැමිණීම 23% පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව 2018.06.07 පැමිණීම 62% පාර්ලිමේන්තුවේ සභාව නොකැඳවන දිනවල පැවැත්වෙන මෙවන් කාරක සභාවකට පැමිණෙන මන්ත්‍රීවරුන්ට

රුපියල් 2500ක

දීමනාවක් ද ලබාදෙනු ලැබේ. පාර්ලිමේන්තු දිනවල ඊට සහභාගී වන සෑම මන්ත්‍රීවරයෙකුටම ද එම දීමනාව ලබාදෙයි. ඒ, ජනතා මුදලින් හිමි වන මාසික වැටුප හා සෙසු දීමනා සියල්ලට අමතරවයි. සිය දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුවට ඇති දුර ප්‍රමාණය අනුව ඉන්ධන දීමනාවක් ද පාර්ලිමේන්තු සභිකයන්ට හිමි වේ.

පාර්ලිමේන්තුවේ දෛනික වියදම රුපියල් ලක්ෂ 45 කි.

ඒ අනුව දිනකට එක් මන්ත්‍රීවරයෙකුට රුපියල් විසිදහසක් පමණ වියදම් කෙරේ. මේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට තේරී පත් වීමට දක්වන උනන්දුව පාර්ලිමේන්තුවට පැමිණීමට නැත්තේ ඇයි? එසේ නම්, ඔවුන්ගේ අරමුණ කුමක් ද?

පිළිතුර ජනතාව සතු ය...

සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට...

මූලාශ්‍රය - පාර්ලිමේන්තු නිල වෙබ් අඩවිය