මගීන් 77 කට තුවාල සිදු කළ ගොකරැල්ලේ බස් රථ අනතුර

මගීන් 77 කට තුවාල සිදු කළ ගොකරැල්ලේ බස් රථ අනතුර

by Staff writer 09-07-2018 | 4:26 PM

COLOMBO (News 1st) - ගොකරැල්ල, පල්ලියැද්ද ප්‍රදේශයේදී බස් රථ 02 ක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් තුවාල ලැබූ සංඛ්‍යාව 77 දක්වා ඉහළ ගොස් තිබේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වැඩ බලන අධ්‍යක්ෂ යාපා බණ්ඩාර මහතා සඳහන් කළේ, තම රෝහලේ රෝගීන් 64 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි. ඔවුන් අතරින් බරපතළ තුවාල ලැබුවන් තිදෙනෙකු සිටින අතර 18 දෙනෙකු සුළු තුවාල ලැබූවන් බව ඔහු සඳහන් කළේ ය. ගොකරැල්ල ප්‍රාදේශිය රෝහලේ ප්‍රකාශිකාවක් සඳහන් කළේ, තුවාල ලැබූවන් 13 දෙනෙකු පමණ තම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව ද ඇය සඳහන් කළා ය. පොලීසිය සඳහන් කළේ, ඇඹිලිපිටිය - යාපනය සහ ඇඹිලිපිටිය - වව්නියාව අතර ධාවන වූ පෞද්ගලික බස් රථ 02 ක් අද දහවල් මුහුණට මුහුණ ගැටීමෙන් එම අනතුර සිදුව ඇති බවයි.