පිටකොටුවේදී නාගරික මන්ත්‍රීවරයෙක් වෙඩි තබා ඝාතනය කෙරේ

by Sagarika Chathumali 09-07-2018 | 8:33 AM

COLOMBO (News 1st) : කොළඹ, හෙට්ටිවීදිය, ආඩිවාල් වීදියේදී සිදුවූ වෙඩි තැබීමකින් නාගරික මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මියගොස් ඇති අය කොළඹ නගර සභාවේ ස්වාධීන නාගරික මන්ත්‍රී ක්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් නමැත්තා බවට හඳුනාගෙන ඇතැයි, පොලීසිය පැවසී ය. පොලීසිය පැවසුවේ, අද උදැසන 7.45 ට පමණ යතුරු පැදියකින් පැමිණ එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි. වෙඩි වැදුණු නාගරික මන්ත්‍රීවරයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි. මියගිය නාගරික මන්ත්‍රී ක්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් නවෝදය ජනතා පෙරමුණ පක්ෂයේ නායකයා ද වේ.