තිස්සමහාරාම නොසන්සුන් වෙයි

තිස්සමහාරාම නොසන්සුන්: පානීය ජලය ඉල්ලා ජනතාව වීදි බසි

by Staff writer 09-07-2018 | 5:28 PM

COLOMBO (News 1st) - තිස්සමහාරාම, බෝගහපැලැස්ස ප්‍රදේශයේ ජනතාවට ලැබෙන පානීය ජලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අද ඔවුන් උද්ඝෝෂණයක නිරත විය.

ඒ, තිස්සමහාරාම - කතරගම ප්‍රධාන මාර්ගයේ බෝගහපැලැස්ස ප්‍රදේශය අවහිර කරමිනි. ඔවුන් චෝදනා කරන්නේ තිස්සමහාරාම ජලසම්පාදන මණ්ඩලයෙන් ලබාදෙන ජලය තම ප්‍රදේශයට ප්‍රමාණවත්ව නොලැබෙන බවයි. ඔවුන් පැය 2 1/2 කට ආසන්න කාලයක් තිස්සමහාරාම - කතරගම ප්‍රධාන මාර්ගය බෝගහපැලැස්ස ප්‍රදේශය අවහිර කරමින් මෙලෙස උද්ඝෝෂණයේ නිරත විය. අප වාර්තාකරු පැවසූවේ, මේ හේතුවෙන් ප්‍රදේශයේ රථවාහන තදබදයක් ද පැවති බවයි. බෝගහපැලැස්ස ප්‍රදේශයට තිස්සමහාරමා ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පැමිණ උද්ඝෝෂකයින් සමග සාකච්ඡාකොට සතියක් තුළ විසඳුමක් දෙනබවට පොරොන්දුවීමෙන් අනතුරුව පිරිස විසිර ගොස් ඇත.