තිස්සමහාරාම නොසන්සුන්: පානීය ජලය ඉල්ලා ජනතාව වීදි බසි

තිස්සමහාරාම නොසන්සුන්: පානීය ජලය ඉල්ලා ජනතාව වීදි බසි

තිස්සමහාරාම නොසන්සුන්: පානීය ජලය ඉල්ලා ජනතාව වීදි බසි

කර්තෘ Staff writer

09 Jul, 2018 | 5:28 pm

COLOMBO (News 1st) – තිස්සමහාරාම, බෝගහපැලැස්ස ප්‍රදේශයේ ජනතාවට ලැබෙන පානීය ජලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අද ඔවුන් උද්ඝෝෂණයක නිරත විය.

ඒ, තිස්සමහාරාම – කතරගම ප්‍රධාන මාර්ගයේ බෝගහපැලැස්ස ප්‍රදේශය අවහිර කරමිනි.

ඔවුන් චෝදනා කරන්නේ තිස්සමහාරාම ජලසම්පාදන මණ්ඩලයෙන් ලබාදෙන ජලය තම ප්‍රදේශයට ප්‍රමාණවත්ව නොලැබෙන බවයි.

ඔවුන් පැය 2 1/2 කට ආසන්න කාලයක් තිස්සමහාරාම – කතරගම ප්‍රධාන මාර්ගය බෝගහපැලැස්ස ප්‍රදේශය අවහිර කරමින් මෙලෙස උද්ඝෝෂණයේ නිරත විය.

අප වාර්තාකරු පැවසූවේ, මේ හේතුවෙන් ප්‍රදේශයේ රථවාහන තදබදයක් ද පැවති බවයි.

බෝගහපැලැස්ස ප්‍රදේශයට තිස්සමහාරමා ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පැමිණ උද්ඝෝෂකයින් සමග සාකච්ඡාකොට සතියක් තුළ විසඳුමක් දෙනබවට පොරොන්දුවීමෙන් අනතුරුව පිරිස විසිර ගොස් ඇත.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]