රු. මිලියන 1248 ක හෙරොයින් සමග දෙදෙනෙකු කොටුවෙයි

රු. මිලියන 1248 ක හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු කොටුවෙයි

by Chathuranga Rajapaksha 08-07-2018 | 11:10 AM

COLOMBO (News 1st) - රුපියල් මිලියන 1248 ක වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, කළුබෝවිල සහ බත්තරමුල්ල ප්‍රදේශවල කළ වැටලීම්වලදී ය. ඊයේ රාත්‍රි 8 ට පමණ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කළුබෝවිල ප්‍රතිබිම්බාරාම මාවතේදී ජීප් රථයක් පරික්ෂා කර තිබුණි. එහිදී හෙරොයින් පාර්සල් 30 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනිණි. ඔවුන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණ වූ තොරතුරු මත බත්තරමුල්ල සුභූතිපුර පිහිටි නිවසක්ද පරික්ෂාවට ලක් කෙරිණි. එහි තිබී හෙරොයින් පාර්සල් 66 ක් සොයාගෙන තිබේ. අත්අඩංගුවට ගත් සමස්ත හෙරොයින් ප්‍රමාණය කිලෝග්‍රෑම් 103 යි ග්‍රෑම් 948කි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ සැකකරුවන්ගෙන් වැඩිදුර ප්‍රශ්ණ කිරීම් සිදුකරන බව ය.