රස මිහිරෙන් පිරි දිල්ලියේ අඹ ප්‍රදර්ශනය...

රස මිහිරෙන් පිරි දිල්ලියේ අඹ ප්‍රදර්ශනය...

by Hashini De Mel 08-07-2018 | 6:26 PM

පළතුරක් වෙනුවෙන් පවත්වන අපූරු ප්‍රදර්ශනයක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වේ.

ප්‍රණීත පළතුරක් වන අඹ වර්ග සඳහා ම වෙන්වූ මෙම අඹ ප්‍රදර්ශනය පසුගිය සිකුරාදා පැවැත්වුණේ ඉන්දියාවේ දිල්ලි නුවර ජනක්පුරීහිදී ය. දිල්ලියේ නියෝජ්‍ය ප්‍රධාන අමාත්‍ය මනීෂ් සිසෝඩියාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය ආරම්භ වූ අතර ඊට අඹ වර්ග 500 කට අධික සංඛ්‍යාවක් එක් කර තිබිණ. 30 වන වතාවට මෙවර ප්‍රදර්ශනය පැවති අතර බිහාර්, හර්යානා, පන්ජාබ්, හිමාචල් ප්‍රදේශ්, උත්තර්ඛන්ඩ් සහ උත්තර් ප්‍රදේශයන්හි ජනතාව ඊට සහභාගී වී සිටියේ ය. දිල්ලි සංචාරක සහ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරනු ලබන මෙහි ආරම්භක ප්‍රදර්ශනය පැවැත්වුණේ, 1988 වසරේදී ය. මෙම ප්‍රදර්ශනය තුළ තරග තරග අංශ කිහිපයක් ක්‍රියාත්මක වූ අතර අඹ කෑමේ තරගය ද ඒ අතර විය.