ගායන ශිල්පිනිය ඝාතනයේ සැකකාර සැමියා අත්අඩංගුවට

ගායන ශිල්පිනිය ඝාතනයේ සැකකාර සැමියා අත්අඩංගුවට

by Sagarika Chathumali 08-07-2018 | 10:16 PM

COLOMBO (News 1st) : ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, සැකකරු පානදුර ආශ්‍රිත වෙරළ තීරයේ රැඳී සිටියදී අද පෙරවරුවේ අත්අඩංගුවට ගත් බවයි. ඊයේ රාත්‍රී 8.45ට පමණ තියුණු ආයුධයකින් පහර දී ඇයව ඝාතනය සිදුකිරීමෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පළා ගොස් තිබිණ. පොලීසිය පැවසුවේ, දෙදෙනා අතර වසරක පමණ කාලයක සිට නිරත ගැටුම් පැවත ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවයි. පානදුර කුඩාඅරුක්ගොඩ, අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රියානි මහත්මිය දෙදරු මවකි. ඝාතනයට ලක්වන විට ඇය 51 වැනි වියේ පසුවුණා. ප්‍රියානි ජයසිංහ මහත්මිය ගැයූ සුන්දර හදකට දී පෙම ්වරම්, කඳුල නිවන්නම් හිත නොරිදනවා නම් වැනි ගීත මෙරට ජනතාව අතර වඩාත් ජනප්‍රියයි.

---------------------------------------------------------------------------------------------------------

ඝාතනයට ලක්වූ ගායන ශිල්පිණී ප්‍රියානි ජයසිංහ මහත්මියගේ සැමියා සොයා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

පොලීසිය පැවසුවේ, ඊයේ රාත්‍රී 8.45 ට පමණ තියුණු ආයුධයකින් පහර දී ඇය ඝාතනය කිරීමෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි. දෙදෙනා අතර වසරක පමණ කාලයක සිට නිරත ගැටුම් පැවති බවට කරුණු අනාවරණය වී ඇතැයි පොලීසිය පැවසී ය. ඒ සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ. පානදුර කුඩාඅරුක්ගොඩ, අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි ප්‍රියානි මහත්මිය දෙදරු මවකි. ඝාතනයට ලක්වන විට ඇය 51 වැනි වියේ පසුවිය. ප්‍රියානි ජයසිංහ මහත්මිය ගැයූ සුන්දර හදකට දී පෙම්වරම්, කඳුල නිවන්නම් හිත නොරිදනවා නම් වැනි ගීත මෙරට ජනතාව අතර වඩාත් ජනප්‍රියයි. -------------------------------------------------------------------------------------------------------------------------------- ගායන ශිල්පිනී ප්‍රියානි ජයසිංහ මහත්මිය ඝාතනය කර තිබේ. පොලීසිය පැවසුවේ, තියුණු ආයුධයකින් පහර දී ඇය ඝාතනය කර ඇති බවයි. ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.