කොළඹ, ජම්පටා වීදියේ වෙඩි තැබීමක්

කොළඹ, ජම්පටා වීදියේ වෙඩි තැබීමක්: පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

by Staff writer 08-07-2018 | 9:31 PM

COLOMBO (News 1st) - කොළඹ, ජම්පටා වීදිය ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද රාත්‍රී 8.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. කොළඹ, ජම්පටා වීදිය ප්‍රදේශයේදී සිදුකළ වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, අද රාත්‍රී 8.00 ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි. වෙඩි තැබීමෙන් තුවාල ලැබු කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.