කිතුල් කර්මාන්තය නගා සිටුවීමට වැඩපිළිවෙළක්

කිතුල් කර්මාන්තය නගා සිටුවීමට වැඩපිළිවෙළක්

by Staff writer 08-07-2018 | 3:52 PM

COLOMBO (News 1st)  - ගාල්ල දිස්ත්‍රික්කයේ කිතුල් කර්මාන්තය නගා සිටුවීමේ වැඩසටහනක් ආරම්භ කර ඇතැයි ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය පවසයි.

මේ යටතේ කිතුල් කර්මාන්තකරුවන්ට කිතුල් නිෂ්පාදන කර්මාන්ත පිළිබඳ නවීන තාක්ෂණික පුහුණුව හා ඒ සඳහා අවශ්‍ය උපකරණ ලබාදෙනු ඇති. ඊට අමතරව කිතුල් වගාව ව්‍යාප්ත කිරීම සඳහා උසින් අඩු වැඩි දියුණු කළ නව කිතුල් ප්‍රභේද හඳුන්වා දෙන බව ද එම මණ්ඩලය සඳහන් කළේ ය.