එක්ගල්ඔයේ ගිලීමෙන් සිව්දෙනෙකු අතුරුදන්

එක්ගල්ඔයේ ගිලීමෙන් සිව්දෙනෙකු අතුරුදන්

by Staff writer 08-07-2018 | 9:30 AM

COLOMBO (News 1st) - අම්පාර, දමන, එක්ගල්ඔයේ ගිලී සිව්දෙනෙකු අතුරුදන්ව තිබේ.

පොලිසිය සඳහන් කළේ, ඔවුන් සෙවීම මෙහෙයුම් ආරම්භ කර ඇති බව ය. මේ අතර ත්‍රීකුණාමලය වෙරළ තීරයේ දියනෑමට ගිය පිරිසක් දියවැලකට හසුව ගසාගෙන යමින් සිටියදී 6 දෙනෙකු පොලිස් ජිවිතාරක්ෂක නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ බේරාගනු ලැබ තිබේ. ඒ, අතර ළමයින් දෙදෙනෙකු, විදේශිය කාන්තාවක් ඇතුළු කාන්තාවන් තුන්දෙනෙකු ද සිටින බව පොලීසිය සඳහන් කළේය. පොලීසිය පැවසුවේ ඔවුන්ට අවශ්‍ය ප්‍රථමාධාර ලබාදීමෙන් පසුව පිටව ගිය බව ය.