අගමැති සිංගප්පූරුවට යයි

අගමැති සිංගප්පූරුවට යයි

by Staff writer 08-07-2018 | 12:58 PM

COLOMBO (News 1st) - අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිසක් අද පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

ඒ, හෙට ආරම්භ වන 6 වන ජගත් පුරවර සමුළුවට සහභාගීවීම සඳහායි. අග්‍රාමාත්‍යවරයා සමග සිංගප්පුරුව බලා පිටත්ව ගිය දූත පිරිසට 15 දෙනෙකු ඇතුළත් ය. නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍ය මලික් සමරවික්‍රම හා නගර සැලසුම් සහ ජල සම්පාදන අමාත්‍ය රාවුෆ් හකීම් මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියහ. හෙට ආරම්භක සමුළුවේදී 'නාගරික සංවර්ධනය සහ පරිසරය සුරකිමු' යන තේමාව යටතේ ප්‍රධාන දේශණය පවත්වන්නේ අග්‍රාමාත්‍යවරයායි.