English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
08 Jul, 2018 | 6:14 pm
මෝනා එල්- මාස්බෝහ් නමැති 24 හැවිරිදි අදාළ කාන්තාව පසුගිය මාසයේ අත්අඩංගුවට ගෙන තිබුණේ, කයිරෝ ගුවන්තොටුපොළේදී ය.
ඊජිප්තු සංචාරය අතරතුර තමා ලිංගික හිරිහැර කිරීම්වලට ලක් වූ බවට චෝදනා කරමින් විනාඩි 10ක් පුරා දිවෙන අදාළ වීඩියෝව ඇය සිය Facebook ගිණුමේ පළ කර තිබිණ.
24 හැවිරිදි අදාළ කාන්තාව පැමිණිලි කර ඇත්තේ, තමා ඊජිප්තුවේ සංචාරයේ නිරතව සිටියදී ටැක්සි රියැදුරෙකු සහ තරුණයින් කිහිප දෙනෙකු අතින් තමාට හිරිහැර සිදුවූ බවයි.
එමෙන්ම ආපනශාලාවල දුර්වල සේවා සැපයීම මෙන් ම තමාගේ මුදල් නැති වූ බවට ද ඇය සිය වීඩියෝව ඔස්සේ චෝදනා කර තිබිණ.
ඇය සිය කෝපාවිශ්ට ප්‍රකාශය තුළින් ඊජිප්තුව පහත් දුසිරිතෙන් පිරි රටක් බව ත් එහි පිරිමින් ගණිකාවන් සපයන්නන් බවට ත් ගැහැනුන් ගණිකාවන් බවටත් අපහාස කර ඇතැයි, විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් ඇය පසුගිය අවුරුදු 4 ඇතුළත කිහිපවතාවක් ම ඊජිප්තුවේ සංචාරය කර ඇති කාන්තාවක් බව ද සඳහන් ය.
හිතාමතාම අසත්‍ය කටකතා පැතිරවීම තුළින් සමාජයට හානියක් සිදුව ඇති බව ත් මෙමගින් ආගමික බලපෑම්, අසමගිය වර්ධනය වන බවට ත් පවසමින් කයිරෝ අධිකරණය ඇයට මෙම සිර දඬුවම නියම කර තිබේ.
කෙසේ වෙතත් අදාළ කාන්තාව තමාට නියම වූ දඬුවම සම්බන්ධයෙන් අභියාචනයක් ගොනු කර ඇති අතර අදාළ කාන්තාවගේ නීතිඥයා පවසා ඇත්තේ, සිය සේවාදායිකාව ආතතියෙන් පෙළෙන තැනැත්තියක බවයි.
මේ අතර 2006 වසරේ ඇය මොළයේ ලේ කැටියක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කර ඇති බව ත් ඒ හේතුවෙන් ඇයට කෝපය පාලනය කර ගැනීමේ අපහසුතාවක් පවතින බවත් ඇයගේ නීතිඥවරයා අභියාචනය ගොනු කරමින් අධිකරණයට දැනුම් දී ඇත.
ඊජිප්තු කාන්තාවන් අදාළ වීඩියෝව සිය ගිණුම්වල ද පළ කරගනිමින් ඊට විරෝධය පළ කිරීම හරහා එය සමාජ ජාල ඔස්සේ ප්‍රචලිත වී තිබේ.
කෙසේ වෙතත් අදාළ කාන්තාව අත්අඩංගුවට ගැනීමට දිනකට පෙර ඇය ඊජිප්තු වැසියන්ගෙන් සමාව අයදිමින් තවත් වීඩියෝවක් පළ කර ඇති බව ද වාර්තා වේ.
මේ අතර ඊජිප්තු ක්‍රියාකාරීන් පවසන්නේ, Abdel Fattah el-Sisiගේ පාලනය යටතේ ඊජිප්තුව තුළ අතිශය නරක කඩාවැටීමක් සිදුවෙමින් තිබෙන බවයි.
තවද හොස්නි මුබාරක්ගේ 30 අවුරුදු පාලන සමය අවසන් කරමින් 2011 වසරේ අරාබි වසන්තයෙන් ලබා ගත් ජයග්‍රහණ මකා දමමින් සිටින බවටත් ජනාධිපතිවරයාට චෝදනා එල්ල වෙමින් තිබේ.
23 Feb, 2019 | 07:45 AM
21 Feb, 2019 | 09:22 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS