මාතලේ ජන ජීවිතයට බාධා කළ වන අලියා අල්ලා ගනී

මාතලේ ජන ජීවිතයට බාධා කළ වන අලියා අල්ලා ගනී

by Staff writer 07-07-2018 | 2:38 PM

COLOMBO (News 1st) - දිගු කලක සිට මාතලේ, මඩවල, රත්ගම්මන ආදි ප්‍රදේශ රැසක ජන ජීවිතයට තර්ජන එල්ල කළ වන අලියා අද උදෑසන වනජීවි නිලධාරීන් සිය ග්‍රහණයට ගනු ලැබිණි.

ලුණුගම්වෙහෙර වන ජිවි කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේ, දින 04 ක මෙහෙයුමෙන් පසු අද උදෑසන වන අලියා නිර්වින්දනය කොට අල්ලා ගත් බව ය. පසුගිය දිනක එම වන අලියා තරුණයින් දෙදෙනෙකුට පහර දී ඝාතනය කර තිබූ අතර වගා බිම් රැසකට ද හානි කර තිබූ බව වනජීවි නිලධාරින් සඳහන් කළේය. අල්ලා ගත් වන අලියා රක්ෂිතයකට මුදාහැරීමට කටයුතු කරන බව වනජීවි නිලධාරින් සඳහන් කළේය. මේ අතර පොළොන්නරුව, ගල්ලෑල්ල ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. පොලීසිය සඳහන් කළේ, රක්ෂිතයක ගවයින් බැලීමට ගොස් සිටි පුද්ගලයෙකු එලෙස වන අලි ප්‍රහාරයකට ලක්ව ඇති බව ය. මියගොස් ඇත්තේ, 61 හැවිරිදි ගල්ලෑල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.