විසඳුමක් නොමැති රාහුල - ශාන්ත තෝමස් පාපන්දු සටන

මාතර රාහුල - ශාන්ත තෝමස් පාපන්දු තරගය විසඳුමකින් තොරව අවසන් වෙයි

by Staff writer 07-07-2018 | 4:05 PM

COLOMBO (News 1st) - මාතර රාහුල විද්‍යාලය සහ ශාන්ත තෝමස් විද්‍යාලාන්තර 'රන් දද සටන' වාර්ෂික පාපන්දු තරගය ඊයේ පැවැත්විය.

පාපන්දු තරගය මෙවර පැවැත්වුණේ 17 වැනි වරටයි. මාතර, ජර්මන් මිත්‍රත්ව ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ගෝල රැස් කිරීම ආරම්භ කළේ රාහුල විද්‍යාලයයි. ඔවුන් පළමු අර්ධයේදී ගෝල 2ක් රැස් කළේය. දෙවැනි අර්ධයේදී ශාන්ත තෝමස් කණ්ඩායම ගෝල 2ක් රැස් කළ අතර ප්‍රතිවාදී රාහුල විද්‍යාලයට ගෝල රැස් කිරීමට නොහැකි විය. කෙසේ නමුත් ගෝල සම වීමෙන් අනතුරුව ක්‍රීඩා ලෝලීන් ක්‍රීඩාංගණය තුළට පැමිණි අතර ඉන් අනතුරුව තරගයේ සංවිධායකයින් තීරණය කළේ තරගය නතර කිරීමටයි. ඇති විය හැකි ගැටුමක් වළක්වා ගැනීමේ අරමුණෙන් එම පියවර ගත් බව ත් තරගයේ ජයග්‍රහණය පිළිබඳව පසුව දැනුම්දෙන බව ත් තරග සංවිධායකින් සඳහන් කළේය.