කොළඹට පැය 9ක ජල කප්පාදුවක්

කොළඹට පැය 9ක ජල කප්පාදුවක්

by Chathuranga Rajapaksha 07-07-2018 | 7:27 AM

(News 1st) - කොළඹ මහ නගර සභා සීමාව ඇතුළු තදාසන්න ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 9 සිට පැය 9 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය තීරණය කර තිබේ.

එම මණ්ඩලය සඳහන් කළේ, හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවන බව ය. මේ අනුව කොළඹ 5 සහ කෝට්ටේ මහ නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම අත්හිටවනු ඇති. ඊට අමතරව කොළඹ 4, කොළඹ 6, කොළඹ 7 සහ කොළඹ 8 යන ප්‍රදේශවලට මෙන්ම මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය ප්‍රකාශ කළේය.