කොටුව ප්‍රධාන වීදියේ වෙළෙඳසැලක් තුළ ගින්නක්

කොටුව ප්‍රධාන වීදියේ වෙළෙඳසැලක් තුළ ගින්නක්

by Chathuranga Rajapaksha 07-07-2018 | 10:33 AM

COLOMBO (News 1st) - පිටකොටුව ප්‍රධාන වීදියේ වෙළෙඳසැලක් තුළ අද උදෑසන ගින්නක් ඇතිවිය.

පොලීසිය පැවසුවේ ගින්න අසල තිබූ වෙළෙඳ සැලකට ද පැතිර තිබූ බව ය. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ හා නාවික හමුදාවේ සහාය ලබාගෙන ගින්න මැඩපැවැත්වූ බව පොලිසිය සඳහන් කළේය ගින්න හේතුවෙන් ජීවිත හානි හෝ තුවාල කිසිවක් වාර්තා වී නොමැත. පොලීසිය පැවසුවේ ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ය.