චීනයෙන් අමෙරිකාවට චෝදනාවක්

අමෙරිකාව ඉතිහාසයේ විශාලතම වෙළෙඳ යුද්ධය අරඹා ඇතැයි චීනයෙන් චෝදනා

by Staff writer 07-07-2018 | 7:58 AM

(News 1st) - අමෙරිකාව ආර්ථික ඉතිහාසයේ විශාලතම වෙළඳ යුද්ධය ආරම්භ කර ඇති බවට චීනය විසින් චෝදනා එල්ල කරනු ලැබේ.

චීනය එසේ චෝදනා කර සිටියේ සිය අපනයන සඳහා අමෙරිකාව ඩොලර් බිලියන 10ක ද්විත්ව බදු පැනවීම හේතුවෙනි. සිය නිෂ්පාදන සඳහා තව දුරට ත් බදු පනවන බවට අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තර්ජනය කිරීමත් සමගින් තමන් ද ඊට ප්‍රතිචාරදැක්වීමට සූදානම් බව චීනය කියා සිටියේය. චීන වාණිජ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, මෙම ගැටළුව සම්බන්ධයෙන් තමන් ලෝක වෙළඳ සංවිධානයට පැමිණිලි කර ඇති බව ය. කෙසේ වෙතත් කාර්මික යන්ත්‍රෝපකරණ, වෛද්‍ය උපාංග, වාහන අමතර කොටස් ඇතුළු 800 කට වැඩි චීන නිෂ්පාදන සඳහා ට්‍රම්ප් පරිපාලනය පැනවූ 25%ක තීරුබද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා සඳහන් කළේය.