හික්කඩුවෙන් ගාලු පාර අවහිර කරමින්  ධීවර පවුල්වල සාමාජිකයින්උද්ඝෝෂණයක

හික්කඩුවෙන් ගාලු පාර අවහිර කරමින් ධීවර පවුල්වල සාමාජිකයින්උද්ඝෝෂණයක

හික්කඩුවෙන් ගාලු පාර අවහිර කරමින් ධීවර පවුල්වල සාමාජිකයින්උද්ඝෝෂණයක

කර්තෘ Staff writer

07 Jul, 2018 | 12:34 pm

COLOMBO (News 1st) – ගාලු පාර හික්කඩුව, වැරැල්ල ප්‍රදේශයෙන් අවහිර කරමින් ධීවර පවුල්වල සාමාජිකයින් පිරිසක් මේ වනවිට විරෝධතාවක නිරත වේ.

ඒ පසුගිය 14 වැනිදා ගාල්ල වරායෙන් මුහුදු ගොස් අතුරුදන් වූ ධීවරයින් 7 දෙනෙකු සොයා දෙන්නැයි බලකරමිනි.

පසුගියදා ගාලු වරායෙන් මුහුදු ගොස් අතුරුදන්ව ඇත්තේ හික්කඩුව, තෙල්වත්ත, තොටගමුව ප්‍රදේශවල ධීවරයින් පිරිසකි.

පොලීසිය සඳහන් කළේ, ඔවුන් අවුරුදු 45, 51, 27, 39, 47, 26 සහ 34 යන වයස්වල පසුවන බව ය.

අදාළ පිරිස අවසන් වරට ගොඩබිම සමග පණිවුඩ හුවමාරු කරගෙන ඇත්තේ පසුගිය 29 දාය.

සිය පවුල්වල සමාජිකයින් සොයා දෙන්නැයි බලධාරීන්ට අවස්ථා ගණනාවකදි දැනුම් දුන්න ද මෙතෙක් ඒ සඳහා කිසිඳු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ධීවර පවුල්වල ජනතාව චෝදනා කළේය.