තැපැල්පතිට ස්ථාන මාරුවක්: වෘත්තීය සමිතිවල විරෝධය

තැපැල්පතිට ස්ථාන මාරුවක්: වෘත්තීය සමිතිවල දැඩි විරෝධය

by Chathuranga Rajapaksha 07-07-2018 | 6:50 AM

COLOMBO (News 1st) - තැපැල්පති රෝහණ අබේරත්න මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි  ජනාධිපති ලේකම් කාර්යාලයට මාරුකර තිබේ.

එම ස්ථාන මාරුව සම්බන්ධයෙන් වෘත්තීය සමිති දැඩි විරෝධය පල කරන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පවසයි. තැපැල්පතිවරයාගේ ස්ථාන මාරුව හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින ගැටළු තව දුරට ත් උග්‍රවීමට හේතුවනු ඇතැයි ඔහු සඳහන් කළේය.