පෑලියගොඩ දී ඇමෝනියා ප්‍රවාහනය කරන රථයක පිපිරීමක්

පෑලියගොඩ දී ඇමෝනියා වායුව ප්‍රවාහනය කරන රථයක පිපිරීමක්

by Staff writer 06-07-2018 | 4:32 PM

COLOMBO (News 1st) - පෑලියගොඩ ප්‍රධාන මාළු වෙළඳපොළ ආසන්නයේදී ඇමෝනියා වායුව අඩංගු සිලින්ඩර් ප්‍රවාහනය කරන රථයක අද පස්වරුවේ පිපිරීමක් සිදුවිය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, රථයේ තිබූ එක් සිලින්ඩරයක් පුපුරා ගොස් ඇති බව ය. කළුතර ප්‍රදේශයේ සිට විදේශගත කිරීම සඳහා රැගෙන ආ ඇමෝනියා අඩංගු එම සිලින්ඩර් වරාය දක්වා රැගෙන යාමට ඒ සඳහා දී ඇති වේලාව පැමිණෙන තෙක් ලොරිය මාළු වෙළඳපොළ ආසන්නයේ නවතා තිබියදී සිලින්ඩරය පුපුරා ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළා. කෙසේ වෙතත් ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත. කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මේ වනවිට ලොරියට යළිත් වරක් එම සිලින්ඩර් අසුරන බව ය. එය අධීක්ෂණය කිරීම සඳහා කණ්ඩායම් යොදවා ඇති බව ද ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.