පකිස්ථාන හිටපු අගමැති නවාස් ෂරීෆ්ට සිර දඬුවමක්

පකිස්ථාන හිටපු අගමැති නවාස් ෂරීෆ්ට වසර 10ක සිර දඬුවමක්

by Staff writer 06-07-2018 | 7:16 PM
 

(News 1st) -  පකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ට වසර 10 ක සිර දඬුවමක් නියම කර තිබේ.

ඒ, ලන්ඩන් නුවර පිහිටි සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණ 04 ක හිමිකාරීත්වය සම්බන්ධයෙන් එල්ල වූ දූෂණ චෝදනාවලට වරදකරු වීම හේතුවෙනි. පකිස්ථාන ජාතික වගවීම් කාර්යංශ අධිකරණයක්, හිටපු අග්‍රාමාත්‍යවරයාට මෙම සිර දඬුවම නියම කර තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ෂරීෆ්ගේ දියණිය වන මර්යාම් ෂරීෆ්ට වසර 7 ක සිර දඬුවමක් හා ඇයගේ හිටපු ආරක්ෂක නිලධාරියාට ද වසරක සිර දඬුවමක් නියම කළේය. කෙසේ වෙතත් නඩු තීන්දුව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් ෂරීෆ් ප්‍රකාශ කළේ මෙය දේශපාලනික පලිගැනීමක් බව ය. ඇවෙන්ෆීල්ඩ් රෙෆරන්ස් නමින් ප්‍රකට මෙම දූෂණ සිද්ධිය මගින් ෂරීෆ් පවුලට එල්ල වූ චෝදනාව වූයේ, ලන්ඩන් නුවර පිහිටි අධි සුඛෝපභෝගි වත්කම් කිහිපයකට ඔවුන් හිමිකම් කියන බවටයි. ෂරීෆ් පවුලේ සාමාජිකයින් ලන්ඩන් නුවර නීති විරෝධී ලෙස සිය වත්කම් පවත්වාගෙන යන බවට 2017 වසරේ නිකුත් වූ පැනමා පත්‍රිකා මගින්ද අනාවරණ කර තිබුණි.