තායිලන්තයේ බෝට්ටු අනතුරකින් 27 දෙනෙකු මරුට

තායිලන්තයේ බෝට්ටු අනතුරකින් 27 දෙනෙකු මරුට

by Staff writer 06-07-2018 | 4:24 PM

(News 1st) - තායිලන්තයේ පුකෙට් දිවයින ආශ්‍රිත මුහුදේදී සංචාරකයින් රැගත් බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් මගීන් 27 දෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා අනාවරණ කළේ, අනතුරින් තවත් 29 දෙනෙකු තව දුරට ත් අතුරුදන්ව සිටින බව ය. බෝට්ටුව අනතුරට ලක්වන විට සංචාරකයින් 105 දෙනෙකු එහි ගමන් කරමින් සිට ඇති අතර ඒ, අතරින් 93 දෙනෙකු චීන ජාතිකයින් වේ. බෝට්ටුවේ සිට ඇති කාර්යය මණ්ඩල සාමාජිකයින් සංඛ්‍යාව 12 කි. මේ අතර බෝට්ටුව තුළ සිරවී තිබූ මළ සිරුරු කිහිපයක් සොයා ගැනීමට තායිලන්ත නාවිකයින් සමත් වී තිබේ. බෝට්ටු අනතුර සම්බන්ධයෙන් තායි පොලීසිය විසින් විමර්ශන පවත්වනු ලැබේ. එහිදී අනාවරණ වී ඇත්තේ බෝට්ටුව නීත්‍යානුකූලව ලියාපදිංචි කර ඇති බවත්, අනතුර සිදුවන අවස්ථාව වනවිට පමණ ඉක්මවූ මගීන් පිරිසක් එහි සිට නොමැති බව ය.