උදය සෙනවිරත්න නව ජනාධිපති ලේකම් ලෙස පත් කෙරේ

උදය සෙනවිරත්න නව ජනාධිපති ලේකම් ලෙස පත් කෙරේ

by Staff writer 06-07-2018 | 3:06 PM

COLOMBO (News 1st) - ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු වන උදය ආර්. සෙනෙවිරත්න මහතා නව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්කර තිබේ.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඔහු අද වැඩ භාරගත් බව ය. ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඊයේ ඉල්ලා අස්වීමත් සමග ජනාධිපති ලේකම් ධුරය පුරප්පාඩු විය. ඒ අනුව උදය සෙනවිරත්න මහතා එම ධුරයට පත් කරනු ලැබිණි.