by Sagarika Chathumali 05-07-2018 | 6:05 PM
COLOMBO (News 1st) : ඩුබායි බලා රැගෙන යාමට තැත් කළ රුපියල් ලක්ෂ 71 කට අධික වටිනාකමින් යුත් වල්ලපට්ට තොගයක් අද පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ.
රේගු මාධ්‍ය ප්‍රකාශක, සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.
ඔවුන්ගේ ගමන් මලුවල තිබී සොයාගත් වල්ලපට්ට තොගයේ බර කිලෝග්‍රෑම් 82කි.
සැකකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට රේගු පරික්ෂණ ක්‍රියාත්මකයි.