by Staff writer 05-07-2018 | 3:12 PM
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමෙන් 2015 ජනවාරි 31 වන දා සිට 2016 සැප්තැම්බර් 30 වන දා දක්වා කාලය තුළ මිලියන 1134 ක චෙක්පත් 2487 ක් නිකුත් කර ඇතැයි අද අධිකරණයේදී අනාවරණ විය.
අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා පැවසුවේ, ඇතැම් චෙක්පත් මූල්‍ය නීති උල්ලංඝනය කරමින් නිකුත් කර ඇති බැවින් මුදල් විශුද්ධිකරණ පනත යටතේ අපරාධ චෝදනා ගොනු කළ හැකි බවයි.
බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පාලිසේන යන මහත්වරුන් අද යළි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණ විය.