දික්කැලේ රක්ෂිතයේ වල්ලාපට්ටා කැපු තිදෙනාට වැඩවරදී

දික්කැලේ රක්ෂිතයේ වල්ලාපට්ටා කැපු තිදෙනෙකුට වැඩවරදී

by Staff writer 05-07-2018 | 11:55 AM

COLOMBO (News 1st) - වල්ලපට්ටා ලබා ගැනීමේ අරමුණින් පන්නල - දික්කැලේ රක්ෂිතයේ වල්ලාපට්ටා ශාක කපමින් සිටි තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් අවුරුදු 26, 32 සහ 39 වයස්වල පසුවන ඇහැළියගොඩ, අවිස්සාවෙල්ල සහ ඇලබඩ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි. ඔවුන්ට සහය ලබාදුන් පන්නල ප්‍රදේශයේ සැකකරුවෙකු ද සිය නිවසේ සඟවා තිබු වල්ලාපට්ටා කිලෝග්‍රෑම් දෙකකට අධික ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන්, දික්කැලේ රක්ෂිතයේ කපා දමා තිබූ ශාක කොටස් කිලෝග්‍රෑම් 26 ක් පොලිස් භාරයට ගෙන ඇති අතර සැකකරුවන් සිව්දෙනා අද කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත වේ.