ඔරුගොඩවත්තෙන් හමු වූ කෝටියකට අධික මත්ද්‍රව්‍ය තොගය

ඔරුගොඩවත්තෙන් කෝටියකට අධික මත්ද්‍රව්‍ය තොගයක් හමුවේ

by Staff writer 05-07-2018 | 7:48 AM

COLOMBO (News 1st) - ඔරුගොඩවත්ත රේගු අංගනයේ කන්ටේනරයක තිබී ඉතාලියේ සිට මෙරටට ආනයනය කෙරුණු මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක, සුනිල් ජයරත්න මහතා සඳහන් කළේ, හෂීස්, ගංජා, විදේශිය මත්පැන් ඇතුලු භාණ්ඩ තොගයක් එහි තිබී සොයා ගත් බවයි. ඒවායේ වටිනාකම රුපියල් එක් කෝටි එක් ලක්ෂ 53000 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.