උතුරේ - 'ආවා' මර්දනයට පොලිස් නිලධාරීන් 400 ක්

උතුරේ - 'ආවා' මර්දනයට පොලිස් නිලධාරීන් 400 ක්

by Staff writer 05-07-2018 | 8:00 AM

COLOMBO (News 1st) - 'ආවා' කල්ලියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම සඳහා පොලිස් නිලධාරීන් 400 දෙනෙකු පමණ අනියුක්ත කර ඇතැයි උතුරු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතා පැවසීය.

උතුරු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවර සඳහන් කළේ, උතුරු පළාත තුළ පසුගිය කාලයේ සිදු වූ විවිධ ප්‍රචණ්ඩකාරී සිදුවීම්වලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. වව්නියාව, මන්නාරම, මුලතිව් සහ කිලිනොච්චි කොට්ඨාසවලින් පොලිස් නිලධාරීන් 100 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ද මෙහෙයුම සඳහා අනුයුක්ත කර ඇතැයි ඔහු සඳහන් කළේ ය. උතුරු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු මහතාගේ නියෝගය පරිදි ඊයේ සිට සති දෙකක කාලයක් සඳහා උතුරු පළාතේ සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු ද අවලංගු කෙරුණි. ඒ, අදාළ මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහායි.