හැරී කේන් රන් සපත්තුව හඹා යයි

by Hashini De Mel 04-07-2018 | 10:53 AM

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ සුපිරි කණ්ඩායම් 16 දෙනාගේ තරග වටයේ අවසන් තරගය එංගලන්තය හා කොලොම්බියාව අතර තරගය රුසියාවේ ස්පාටක් ක්‍රීඩාංගණයේදී පැවැත් විය.

තරගයේ පළමු අර්ධයේදී දෙපිලටම ගෝල වාර්තා කිරීමේ අවස්ථාව හිමි නොවුනද 57 වන මිනිත්තුවේදී පළමු ගෝලය එංගලන්තය වාර්තා කළේ ය. ප්‍රතිවාදි කොලොන්බියානු පසුපෙළ ක්‍රීඩකයන්ගේ නීති විරෝධි ක්‍රිඩා විලාසය හේතුවෙන් ලබා දුන් දඬුවම් පහර සාර්ථක කර ගත්තේ එංගලන්ත නායක හැරී කේන් ය. ඒ අනුව ඔහු පැවති තරග 4දී ගෝල 6ක් වාර්ථා කර ගෙන සිටි. කෙසේ වෙතත් ජයග්‍රහණය එංගලන්තය සතුව තිබූ මොහොතේ අබාධ සඳහා ලබාදුන් අතිරේක කාලයේදී කොලොම්බියාව ගෝලයක් වාර්තා කළේ ය. ඒ අනුව ගෝල 1ට 1ක් ලෙස සම තත්ත්වයෙන් අතිරේක කාලයේදී ද දෙපිලෙන්ම ගෝල වාර්තා නොවු නිසා තරගයේ ජයග්‍රහණය තීරණය කළේ දඬුවම් පහර මගිනි. එහිදී එංගලන්තය දඬුවම් පහර 4ක් සාර්ථක කර ගනිද්දී කොලොම්බියාව සාර්ථක කර ගත්තේ දඬුවම් පහර 3ක් පමණි. ඒ අනුව එංගලන්තය අර්ධ අවසන් පූර්ව වටයට අවස්ථාව හිමිකර ගත්තේ ය. එසේම තරගාවලියේ වැඩිම ගෝල වාර්තා කරන්නන් අතර පෙරමුණ ගැනීමට එංගලන්තයේ හැරී කේන් මෙම තරගයේ දී සමත්වීම මත මෙවර රන් සපත්තුව දිනා ගැනීමේ වැඩි අවස්ථාව ඔහුට ලැබී තිබේ. ගෝල 6 ක් ලබා සිටින බෙල්ජියම් ක්‍රීඩක රොමේලෝ ලුකාකු ගෝල 5 ක් ලබා සිටින අතර පෘතුගාලයේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගෝල 4 ක් වාර්තා කර තිබේ.   https://youtu.be/RbmaLT320hw