විජේකලාගේ ප්‍රකාශය ගැන අගමැති කරුණු පහදයි

විජේකලාගේ ප්‍රකාශය ගැන අගමැති පාර්ලිමේන්තුවට කරුණු කියයි

by Sagarika Chathumali 04-07-2018 | 7:15 PM
COLOMBO (News 1st) : රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේශ්වරන් මහත්මිය සිදු කළ බව කියන ප්‍රකාශය සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේදී අදහස් පළ විය. කතානායක කරූ ජයසූරිය මහතා පැවසුවේ, මන්ත්‍රීවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවත් ඇය නියෝජනය කරන පක්ෂය නායකත්වය දැනුවත් කර නීතිපති උපදෙස් ලබාගැනීමට ක්‍රියා කරමින් සිටින බව ත් ය. එවැනි වටපිටාවකදී මන්ත්‍රීවරු දෙදෙනකු පාර්ලිමේන්තුවේදී අශෝභන පාර්ලිමේන්තුවට අපකීර්තියක් බවයි.
"විජයකලා මහේවරන් රාජ්‍ය අමාත්‍යවරිය විසින් සිදු කල ප්‍රකාශය ගැන අපි දැනගත් විගසම එය පරීක්ෂා කිරීමට එදින උදේම මා විසින් ක්‍රියාත්මක කර තිබින.අවශ්‍ය කැසට් පටය ලබාගෙන එහි පරිවර්ථන අධ්‍යන කර කතානායක වශයෙන් මට ගත හැකි සෑම පියවරක්ම ගැනීමටත් ඇය නියෝජනය කරන පක්ෂය නායකත්වය දැනුවත් කර නීතිපති උපදෙස් ලබාගැනීමටද මේ අතර ක්‍රියාත්ම වෙමින් තිබින. එසේ තිබියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු දෙදෙනකු ඉතාමත් අශෝභන ලෙස පාර්ලිමේන්තුවේ ගරුත්වයට හානි කරමින් කටයුතු කල අකාරය පාර්ලිමේන්තුවටද අපකීර්තියකි"
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ‍ මහතා ද අද පාර්ලිමේන්තුවේදී විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරියගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වී ය. එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කර සිටියේ, රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීමට කැපවී සිටින බවයි.
"අපි ආණ්ඩුවෙත් එක්සත් ජාතික පක්ෂයෙත් ස්ථාවරය හැටියට කියන්න කැමතියි මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කරනවා. ඒ වගේම එල් ටී ටී ඊ සංවිධානය තහනම් කරලා තියනවා. ඒක යලිත් ඇති කරන්න වුවමනා නෑ. ඒ පදනම උඩ අපි ක්‍රියා කරනවා. ඒ රාමුව තුළ මේ රටේ ඒකීය භාවයයි බුදුදහමයි ආරක්ෂා කරගනිමින් මේ රටට වුවමනා දේශපාලන විසඳුමකින් මූලික අයිතිවාසිකම් ප්‍රශ්නත්, බලය බෙදීමේ ප්‍රශ්නත් විසඳන්න තියනවා"
මේ අතර මහේෂ්වරන් අමාත්‍යවරියගේ ප්‍රකාශය පිළිබඳ දැනුම්වත් වූ අවස්ථාවේදී ම ඒ පිළිබඳව සොයා බැලූ බවයි.
"ඊයේ ඔබතුමයි මමයි අපි දෙන්නම සාකච්ඡා කලා, මමත් මේ මහේශ්වරන් ඇමතිතුමියගේ කතාව ගැන දැනගත්ත අවස්ථාවේදිම ඒ ගැන හොයලා බැලුවා. අපේ දේශපාලන කමියුව ඊයේ රැස් වුනා.ඊයේ විජයකලා මහේශ්වන් ඇමතිතුමිය අසනීපෙන් හිටියේ. මම කිව්වා අද කොළඹට ආවම මට එතුමිය මුණගැහෙන්න ඕනේ.ඒ වගේම එතුමිය ගැන ගතයුතු පියවර ගැන, පරීක්ෂන ගැන අපි තීරණය කරලා තියෙන්නේ.එතුමිය මුණගැහුනම පස්සේ අපි ඒ පියවර ගන්න කැමතියි"
විදුලිබල හා බල ශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේ ය.
"සභාගර්භයේදී ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා සහ ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා ඇතුළු පිරිසක් ගරු කතානායකතුමාට පෟද්ගලිකවම ඉතා පහත් අන්දමින් දෝශාරෝපනය කරමින් තර්ජනය කරමින් අශෝබන ආකාරයෙන් හැසිරෙමින් පාර්ලිමේන්තුවේ සියළු කටයුතු වලට බාධාකරමින් පාර්ලිමේන්තුව ඊලග දිනයට කල් තැබීමට කටයුතු සිද්ධ කලා. මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා වරප්‍රසාධ කාරක සභාවට ඉක්මනින් යොමු කරලා ආචාරිය ධර්ම නීති කඩ කිරීම පිලිබද වහා පියවර ගන්න කියලා කඩිනමින්"