by Staff writer 04-07-2018 | 6:01 PM
ආර්ජන්ටිනාවේ දී පැවැත්වෙන වයස අවුරුදු 18 න් පහළ යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියට ආසියාවෙන් සුදුස්සන් තෝරා ගැනීමේ තරගාවලිය අද තායිලන්තයේ දී ආරම්භ විය.
මෙහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් තිදෙනෙකු හා ක්‍රීඩිකාවන් සිව්දෙනෙකු තරග වදීයි.
තරග ආරම්භක දිනය වූ අද ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දෙමින් යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට මීටර් 400 බාලක සුදුසුකම් ලබා ගැනීමට කුරුණෑගල ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලයේ ඩිලාන් බෝගොඩ සමත් විය.
මේ අතර බාලිකා මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වට සහභාගීවෙමින් පාරමී මාරිස්ටෙලා පෙරළිකාර යක් ලැබීය.
තම පුද්ගලික් දක්ෂතාව තත්පර 24 කින් අලුත් කළ පාරමී මෙම වසරේ දී එම ඉසව්වෙන් ලොව ඉහළම දක්ෂතාව දැකවූ ක්‍රීඩිකාව බවට ද පත්විය.
එම ඉසව්වටම සහභාගීවූ කුලියාපිටිය විද්‍යාලයේම අස්මිකා හේරත් ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්විය.
තරගාවලියේ පළමු දිනය අවසානයේ රන් පදක්කම් දෙකක් හා ලෝකඩ පදක්කමක් දිනා දීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.