මධ්‍යම පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතාවක

මධ්‍යම පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් විරෝධතාවක

by Staff writer 04-07-2018 | 7:49 AM

COLOMBO (News 1st) - රැකියා ඉල්ලමින් මධ්‍යම පළාතේ රැකියා විරහිත උපාධිධාරීන් පිරිසක් මධ්‍යම පළාත් සභාව ඉදිරිපිටදී විරෝධතාවයක නිරත විය.

මධ්‍යම පළාත් සභාව රැස් වූ අවස්ථාවේදී, විරෝධතාකරුවන් පළාත් සභාවට පිවිසෙන පිවිසුම අවහිර කරමින් විරෝධතාවයේ නිරත විණ. විරෝධතාව හේතුවෙන් ඒ ආසන්නයට පොලිස් කැරලි මර්දන ඒකක ද කැඳවා තිබේ. පැය කිහිපයක් විරෝධතාව පැවති අතර අවසානයේ පොලීසිය මැදිහත්ව විරෝධතාකරුවන් පළාත් සභාවේ පිවිසුම් දොරටුව අසළින් මෙලෙස ඉවත් කෙරුණි.