ගුරු විදුහල්පතිවරුන් අද සේවයෙන් ඉවතට

ගුරු විදුහල්පතිවරුන් අද සේවයෙන් ඉවතට

by Staff writer 04-07-2018 | 7:31 AM

COLOMBO (News 1st) - ගුරු විදුහල්පති ඇතුලු අධ්‍යාපන සේවා වෘත්තිය සමිති අද සේවයෙන් ඉවත්ව ඇත.

ඒ, දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට බව පවසමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පත්වීම් ලබාදීමට එරෙහිවයි. මෙම වැඩ වර්ජනයට අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිය සමිති 11 ක සාමාජිකයින් එක් ව සිටි. ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන වෘත්තිකයින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නීල් අතුකෝරල මහතා ප්‍රකාශ කළේ, වර්ජනයේ නිරත වෘත්තිය සමිති සාමාජිකයින් අද අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක ද නිරත වන බවයි.