රැෆියල් කොරෙයාට අධිකරණ නියෝගයක්

ඉක්වදෝරයේ හිටපු ජනපති රැෆියල් කොරෙයා අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

by Staff writer 04-07-2018 | 11:25 AM

ඉක්වදෝරයේ හිටපු ජනපති රැෆියල් කොරෙයා අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණයක් නියෝග කර තිබේ.

ඒ, 2012 වසරේදී සිදුව ඇති සිය විරුද්ධවාදියෙකු පැහැර ගැනීම සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාට එල්ල වන චෝදනාව මතය. හිටපු ජනපති රැෆියල් කොරෙයා සිය බිරිඳ උපන් රට වන බෙල්ජියමේ පදිංචිව සිටින බව විදෙස් වාර්තා සඳහන් කළේ ය. එම වාර්තාවන්හි දැක්වෙන්නේ තමන්ට එල්ල වන චෝදනා ඉක්වදෝරයේ හිටපු ජනපතිවරයා ප්‍රතික්ෂේප කරන බවයි.