අර්බුද දැන දැන ත් ක්‍රීඩා ඇමති මේ අරඅදින්නේ කුමකට ද?

by Staff writer 04-07-2018 | 10:31 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිලවරණයට අදාළ නඩුව අද පැවැත්විණ. අද නඩුවේ තීරණය වුණේ ක්‍රීඩා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර එකගතාව අනුව ව්‍යවස්ථාපිත රාමුව තුල නිලවරණ්‍යක් පැවැත්විය හැකි බවයි. නමුත්, තවදුරත් විරෝධතා ඇත්නම් සැප්තැම්බර් 3 වැනිදා අභියාචනාධිකරණයේදී කරුණු ඉදිරිපත් කළ හැකියි. මේ අතර ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා අද සවස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරුන් සිව් දෙනෙකු හමු විය. ඒ, අවස්ථාවට අන්තර් පාලන කමිටුවල සභාපතිවරුන් ලෙස සිටි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක අර්ජුන රණතුංග, සිදත් වෙත්තමුණි, ජයන්ත ධර්මදාස, ආනා පුංචිහේවා යන මහත්වරුන් සහභාගී වූහ. මේ අවස්ථාවට විජය මලසේකර සහ රියෙන්සි විජේතිලක මහත්වරුන් සහභාගීවීමට නියමිතව සිටියත් ඔවුන් ඊට සහභාගී නොවූහ. උපාලි ධර්මදාස මහතාත් අසනීප තත්ත්වයක් නිසා සහභාගී වීමට නොහැකි වූ බව ලිපියකින් දන්වා තිබිණ. ක්‍රීඩා අමාත්‍යවරයා මේ පිරිස හමු වූයේ ඇයි....? මීට සති කිහිපයකට පෙර මේ ආකාරයටම ක්‍රීඩා අමාත්‍යවරයා මෙරට කීර්තිමත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු වන රොෂාන් මහානාම, අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන්, මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාරට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රිඩාවෙ පරිපාලනයට උපදේශකයන් ලෙස කටයුතු කිරීමට ආරාධනා කළේ ය. ඔවුන් සියලු දෙනා ලිඛිතව නැවත ක්‍රිඩා අමාත්‍යවරයාට පෙන්වා දුන්නේ ශ්‍රී  ලංකා ක්‍රිකට් ක්‍රිඩාව වැටි තිබෙන තැනින් ගොඩගැනීමට ක්‍රිකට් ආයතනයේ දේශපාලන අතපෙවීම් නැවැත්විය යුතු බවයි. ඔවුන් යෝජනා කළේ, සෘජු හා ස්වාධීන ලෙස කටයුතු කිරීමට නම් ව්‍යවස්ථා සංශෝධනයක් කළ යුතු බවයි